සංවෘත ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අපද්‍රව්‍ය තුළින් වටිනාකමක් නිර්මාණය කිරීමේ වැඩසටහන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ GIZ, කොකා – කෝලා, නෙස්ලේ, යුනිලීවර් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දායකත්වයෙන් ක්‍රියාත්මක විය.
එහිදී වර්තමානයේ ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසරය දූෂණයවීමේ ගැටලුව විසඳීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහනක් ලෙස ‘Waste to Value’ වැඩසටහන ආරම්භ විය. ඒ සඳහා ජර්මානු සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) ආයතනය ද එක් විය.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම, වර්ග කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම හා ඒ සඳහා වන යටිතල පහසුකම් ශක්තිමත් කිරීම අරමුණු කොටගත් මෙම රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වයේ තවත් අරමුණක් වූයේ, වගකීමෙන් යුතුව අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් පරිසරයට හා මානව පැවැත්මට වටිනාකමක් එක් කිරීමත් ඒ තුළින් සංවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කර දීමත්ය.