Home » NDB බැංකුවේ 2025 දින දර්ශනය එළිදක්වයි

NDB බැංකුවේ 2025 දින දර්ශනය එළිදක්වයි

by Mahesh Lakehouse
January 18, 2025 12:32 am 0 comment

NDB බැංකුවේ 2025 වසරේ දින දර්ශනය මෙවරත් සාම්ප්‍රදායික දින දර්ශනයකින් ඔබ්බට ගොස් “Fold to Unfold a Sustainable Future” යන තේමාව යටතේ එළි දැක්විණි. නවීන තාක්ෂණය සහ තිර­‍සරත්වය කැටිකර ගනිමින් NDB බැංකුව විසින් මෙම දින දර්ශනය නිර්මාණය කර තිබේ.

එම දින දර්ශනයේ සුවිශේෂත්වය නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ඩිජිටල් සහකරු වන NDB කැලැන්ඩර් පෑල් (Calendar Pal) ය. මෙම වසරේ, කැලැන්ඩර් පෑල් ආකර්ෂණීය ඔරිගාමි නිර්මාණයක් සකසා ගැනීම සඳහා මඟ පෙන්වමින් නැවුම් අත්දැකීමක් එක් කරයි. සෑම මාසයකම දින දර්ශන පිටුව, ඔරිගාමි නිර්මාණයක් බවට පරිවර්තනය කර ගත හැකි වන අතර, දින දර්ශන පිටුවල ඇති QR කේත ස්කෑන් කිරීම හරහා කැලැන්ඩර් පෑල් විසින් සපයනු ලබන නැමීමේ උපදෙස් අනුගමනය කිරීමෙන් එම ඔරිගාමි නිර්මාණය සකසා ගත හැක. මෙම ඔරිගාමි නිර්මාණ හුදෙක් කලා නිර්මාණයක් පමණක් නොව, එම සෑම නිර්මාණයක්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (UNSDGs) හා සම්බන්ධ පණිවිඩයක් ද රැගෙන එයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division