Global Bookkeeping Solutions (Pvt) Ltd, Sri Lanka, සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නිලූකා ජයසිංහ, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් පවත්වන ලද ‘2024 ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායක සම්මාන උලෙළේ’දී ඇගැයීමට පාත්‍ර විය.
එහිදී “වඩාත් කැපීපෙනෙන අපනයන-නැඹුරුව සහිත ව්‍යවසායිකාව”ට හිමි සම්මානය නිලූකා විසින් දිනාගත් අතර, මධ්‍යම කාණ්ඩයේ ලෝකඩ සම්මානයට හිමිකම් කීමට ද ඇය සමත් විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්(ග්) ගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම උත්කර්ෂවත් සම්මාන උලෙළ පැවැත්විණි. නව හා තිරසර ව්‍යාපාරික ඉලක්ක සාක්ෂාත් කර ගනිමින්, මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සලසන ව්‍යවසායිකාවන් මෙම උලෙළේදී සම්මානයට පාත්‍ර විය. ව්‍යාවසායිකාවක් ලෙසින් නිලූකාගේ ආදර්ශමත් නායකත්වය සහ ව්‍යවසායක දැක්ම, GBS ශ්‍රී ලංකා සමාගමේ වර්ධනයට මෙන්ම සාර්ථක ප්‍රගතියට ප්‍රධාන වශයෙන් ඉවහල් වීම හේතුවෙන්, අද වන විට එම සමාගම සේවා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් බවටද පත්ව තිබේ.