යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් මෙරට අනාගත ව්‍යාපාර නායකයින් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් වැදගත් පියවරක් තබා ඇත. වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රධාන පෙළේ අධ්‍යාපනික ආයතන සමඟ පවත්වා ගනු ලබන සහකාරත්වයන් තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා මෙම සහයෝගිතාව ආරම්භ කෙරෙයි.
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේදී පවත්වන ලද අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සව අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස් සහ සබරගමුව විශ්වවිද්‍යාලය යන ආයතන දෙකම වෙනුවෙන් යූනියන් ඇෂුවරන්ස් ප්‍රධාන මහජන නිලධාරිනී නිසංසලා පරණයාපා, විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ඩබ්ලිව්.කේ.ඒ.සී. ඥානපාල ඇතුළු ප්‍රධාන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.
මෙම සහයෝගිතාව මඟින් දැනුම බෙදා හදා ගැනීමේ සැසි, ප්‍රවේශ මට්ටමේ වෘත්තිකයින් සඳහා පුහුණු වැඩසටහන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සීමාවාසික පුහුණු අවස්ථා ඇතුළු ඵලදායී නව වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය.