Home » ශ්‍රී ලංකා පොලිසියට ඉන්දියාවෙන් මිලියන 300ක් වටිනා කැබ් රථ

ශ්‍රී ලංකා පොලිසියට ඉන්දියාවෙන් මිලියන 300ක් වටිනා කැබ් රථ

by chanaka
January 16, 2025 1:35 pm 0 comment

ශ්‍රී ලංකා පොලිසියේ භාවිතය සඳහා කැබ් රථ(single cabs) සැපැයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් ප්‍රදානයක් යටතේ පරිත්‍යාග කර ඇතැයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත කැබ් රථ(single cabs) රථ 80ක්, සැපයීමට නියමිතය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ජනවාරි 15 ​​වැනිදා ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ අමාත්‍යංශ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුමට අවම වශයෙන් කැබ් රථ 80 ක්, අමතර කොටස් සහ උපාංග බෙදාහැරීම ඇතුළත් වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වූහ.

උතුරු පළාතේ පොලිස් සංචලතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සහ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම ව්‍යාපෘතියේ අරමුණවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division