Home » චන්ද්‍රසිරි හෙට්ටිආරච්චිගේ හිම හංසියේ ඒකපුද්ගල ගී ප්‍රසංගය ජනවාරි 19 දා

චන්ද්‍රසිරි හෙට්ටිආරච්චිගේ හිම හංසියේ ඒකපුද්ගල ගී ප්‍රසංගය ජනවාරි 19 දා

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ගී සරණිය “හිම හංසියේ” ඒකපුද්ගල සංගීත ප්‍රසංගය 2025 ජනවාරි මස 19 වෙනි ඉරු දින සවස 3ට ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ගායන ශිල්පියාගේ සංගීත දිවියට වසර 35 පිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු මෙම ප්‍රසංගය ආරාධිත ගායනයෙන් ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පී සෝමසිරි මැදගෙදර සහ නව පරපුරේ ගායන ශිල්පී ක්‍රිස්ටීන් ජේම්ස් යන ශිල්පීන් සහභාගි වේ.

හිම හංසියේ ප්‍රසංගයේදී චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි විසින් ‘වීදි කොනේ කඩපිල මත, දෑස නුඹ සොයනා තරම්, ලස්සන හිම හංසියේ, තනි යහන මත එදා, අප්පච්චි ,මා හා තනිවී, සිරවෙලාද නුඹ ආලකමන්දාවේ, කළු වලාවකට සැඟවී ගිය සඳසාවි, පුංචි පුංචි මල් හිනැහෙන, දැවෙන හිරුට සමුදී, මල් සූටික්කන්, හේමමාලියේ, ආදි ගීත ගායනා කරනු ඇත. ජීවන් අනුරාධ ප්‍රමුඛ “බ්‍රයිට්නස් ” (BRIGHTNESS) සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයනු ලැබේ.

ප්‍රසංග ආමන්ත්‍රණය ප්‍රවීණ නිවේදක සුමිත් කාරියවසම් විසින් සිදු කරන අතර ප්‍රසංගය සඳහා පූර්ණ අනුග්‍රාහක දායකත්වය සමීර් හන්සර් විසිනි.

නිකහැටිකන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු මේ වන විට ආඬිඅම්බලම මහා විද්‍යාලයේ සහ මීගමුව අධ්‍යාපන කලාපයේ උපදේශන ගුරුවරයෙකු ලෙස සේවය කරයි. ගීත රචකයෙකු ලෙසද නමක් දිනාගෙන සිටින චන්ද්‍රසිරි කලාවේ විවිධ අංශ ස්පර්ශ කරමින් නමක් දිනාගත් අයෙකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division