Home » බදුල්ල වන රක්ෂිතයේ අක්කර 5482ක් ඇල්ලීම

බදුල්ල වන රක්ෂිතයේ අක්කර 5482ක් ඇල්ලීම

හිටපු ජනපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුත් හවුල්

by Mahesh Lakehouse
January 11, 2025 12:38 am 0 comment

විමර්ශන රහස් පොලීසියට

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල, බෝගහපැලැස්ස රක්ෂිතයේ අක්කර 5,482ක් අනවසරයෙන් අල්ලාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබේ.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැතිවරයකුව සිටි සුසිල් ප්‍රේමජයන්ත විසින් ‘බෝගහපැලැස්ස’ වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති නමුත්, හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ මෙහෙයවීමෙන් මේ රක්ෂිතය වනසා මහා පරිමාණ පරිසර විනාශයක් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් වසර ගණනාවක සිට පරිසරවේදීන් හා ජනතාව පැමිණිලි කළද ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

වත්මන් රජය විසින් ඒ කටයුතු නීත්‍යනුකූලව සිදු කිරීමේදී ඒ ප්‍රදේශයේ ජනතාවට විදුලිය බලය නොලැබෙන බව පවසා උද්ඝෝෂණ සිදු කිරීම මෙහෙයවා ඇත්තේ ඒ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් බව ද මේ වන විට අනාවරණය වී ඇත.

අක්කර 44,422.5ක වපසරියකින් යුත් මේ රක්ෂිතයට විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1,200ක් වැය කර ඇත. ඒ සියලු කටයුතු නීති විරෝධි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන ඉදිරි සතියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත අතර, මේ හා සම්බන්ධ සියලු ලියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනු ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division