Home » විසර්ජන පනත් කෙටුම්පත් විවාදය පෙබ.18 දා

විසර්ජන පනත් කෙටුම්පත් විවාදය පෙබ.18 දා

by Mahesh Lakehouse
January 11, 2025 12:31 am 0 comment
නෙත්මි පූජනී රත්නායක

මේ වසර (2025) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය (අයවැය විවාදය) පෙබරවාරි මස 18 දින සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ජනවාරි 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අය වැය යෝජනා ඇතුළත් කථාව) පෙබරවාරි 17 වැනිදා සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සිළුමිණට පැවසීය.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අය වැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 දින සිට 25 දක්වා දින 7ක් පැවැත්වෙන බවද, 25 දින පස්වරු 6.00ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළේය.

ඉන් පසු 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 දින සිට මාර්තු 21 දක්වා සෙනසුරාදාවන් 4ක්ද ඇතුළුව දින19ක් පැවැත්වීමටද තීරණය වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division