Home » දූ දරුවෝ

දූ දරුවෝ

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

මා ගිය ප්‍රිය­තම චාරි­කාව

මා ගිය සහ යන්නට කැම­තිම චාරි­කාව ශ්‍රී ලංකාවේ සොබා සෞන්ද­ර්ය­යෙන් පිරි ඉතා අලං­කාර නග­ර­යක් වන මහ­නු­වර නග­ර­යයි. අලං­කා­ර­යෙන් හෙබි ස්ථාන­ව­ලින් කිහි­ප­යක් එම නග­රයේ පව­ති­නවා යැයි මම විශ්වාස කරමි. පසු­ගි­යදා මහ­නු­වර ගිය අව­ස්ථාව ලස්සන සිහි­න­යක් මෙන් මාගේ මනසේ සිතු­වම් වෙයි. අපි සිටිනා ගම මහ­නු­ව­රට බොහෝ දුර නිසා කොළ­ඹට ගොස් මහ­නු­වර දුම්රියේ නැර­ඹුම් මැදි­රියේ අසුන් ගෙන ඒහි ගියෙමු.

අපි පළ­මු­වෙන්ම බුදු රජා­ණන් වහ­න්සේගේ වම් දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කොට ඇති දළදා මාලි­ගාව වන්ද­නා­මාන කිරී­මට ගියෙමු. ඉන් පසු මහ­නු­වර නග­රයේ පිහිටා ඇති පූජ­නීය පුරාණ දේවාල වන නාථ, විෂ්ණු, කත­ර­ගම, පත්තිනි සතර මහා දේවාල වන්දනා කළෙමු. ලංකාවේ නුදුරින් වන මහ­වැලි ගඟ ගලා­බ­සි­න්නේද මහ­නු­වර නග­ර­යෙන් වන අතර අපි එය ද නරඹා මහ­වැලි ගඟෙන් නෑ වෙමු.

ඉතා ප්‍රණීත ආහා­ර­ව­ලින් සම­න්විත අව­න්හ­ලක් කිහි­ප­යක්ම තිබේ.
සෞම්‍ය දේශ­ගු­ණ­යක් සහිත මහ­නු­වර නග­රයේ පිහිටා ඇති මහ­වැලි ගඟෙන් මායිම් වී ඇති පේරා­දෙණි රාජ­කීය උද්භිත උද්‍යා­නය නැර­ඹී­මට ගියෙමු. එහි මල්ගොමු අතර සිහිල විදි­මින්, විවිධ ගහ කොළ නර­ඹ­මින් ස්වාභා­වික පරි­ස­රයේ සිහිල් බව විඳ­ග­තිමු.

දිල්ෂි සශ්‍රීකා, 12 වසර
බෞද්ධ බාලිකා ජාතික පාසල, කිරි­මැ­ටි­යාන.


කළු මාමා

කළු මාමාගෙ බයි­සි­කලේ
ට්‍රිලිං ට්‍රිලිං ට්‍රිලිං
කළු මාමා දර අදි­නවා
බයි­සි­කලේ හති අරි­නවා
රත්තිගෙ කිරි ටික අර­ගෙන
කළු මාමාගෙ බයි­සි­කලේ
ට්‍රිලිං ට්‍රිලිං ට්‍රිලිං

ඩිනෝ නෙයෝ­මිත්
3 ශ්‍රේණිය ‘බී‘,
දොඩ­න්ගොඩ මධ්‍ය විද්‍යා­ලය,
දොඩ­න්ගොඩ.


කෙත් යාය

කඳු මුදු­නෙන් ඔමරි පපා
හිරු කුමරා එයි රැස් විහිදා
කුඹුරේ වක්කඩේ දිය ගලනා
අයුරු බලමි ගීත ගයා

නැමී ගොයම් සුළ­ඟට
ගලා ජලය පහ­ළට
වක්කඩ ළඟ තර­ගෙට
මාළු නටති හැඩ­යට

පී. ටී. ගිත්මි කවි­රන්දි, 5 ශ්‍රේණිය,
වැයි­හේන කණිෂ්ඨ විද්‍යා­ලය,බද්දේ­ගම.


රන් හිරු

සියු­මැලි කුළු ජල දහ­රක්
ගස් අත­රින් පෙරී ඇවිත්
මුළු ලෝකය එළිය කරත්
ඒ රන් හිරු එළිය තමයි…

අලු­යම හිරු මල් පිපෙන්න
කුරු­ල්ලන්ට ගී ගයන්න
පුංචි අපට ඉගෙන ගන්න
වෙලා හිරු එළිය කියයි…

ගොවි කම්කරු වෙහෙස ගෙනන
දහ­ඩිය පොළො­වට හලන්න
නපුරු නොවන මැන­විනි
හිරු කුම­රිනි, දයා­බර…

දිනිදු මනෝද්‍ය, 8 ශ්‍රේණිය,
වේල්ස් කුමර විදු­හල, මොර­ටුව.


සදා නම­දිමු

ලොවට එළිය ලබා­දෙන හිරු කිරණ ද සඳ කිරණ ද මෙන් ආද­ර­ණීය පිය පද­විය ද උත්ත­රී­ත­රය. බුදු­ර­ජා­ණන් වහන්සේ ද මවු­පි­යන්ගේ අගය සඳ­හන් කොට ඇත. වච­න­යෙන් කිව නොහැකි සෙනෙ­හ­සක් ඔවුන් සතුව ඇත.

අපි මවුපි­යන්ට හැම­වි­ටම ආද­රය කරමු. කරු­ණාව දක්වමු. සමා­ජය ආරක්ෂා කිරී­මට පුරුදු වෙමු. ලේ කිරි කර අපට පෝෂ­ණය ලබා­දෙන මව ද, දාඩිය මහ­න්සි­යෙන් මුදල් උපයා ආහා­ර­පාන ලබා­දෙන පියාට අපි හැම­වි­ටම ආද­රය කරමු. අප මෙලොව එළිය දුටුවේ ඔවුන් නිසාය.

සදෙව් අභි­ෂේක් 7 – ඒ ශ්‍රේණිය,
විද්‍යා­ලෝක විද්‍යා­ලය, ගාල්ල.


වන විනා­ශය නව­තමු

අධික වනා­න්තර විනා­ශය නිසා පරි­ස­රය තුළ අප සැම අනාථ වී ඇත. එමෙන්ම කාල­ගුණ මෙන්ම දේශ­ගුණ වෙන­ස්වීම් ද විශාල ලෙස එයට බල­පායි. අප සැම වන සම්පත සුරැ­කී­මට පිය­වර ගත යුතුය. වෘක්ෂ රෝප­ණය කිරීම, නිද­හස් භූමි ආරක්ෂා කිරීම, වාරි­මාර්ග ආරක්ෂා කිරීම සහ පරි­සර හිත­කාමී ක්‍රම­වේද භාවිතා කිරීම ආදි දේ අපට කළ හැකිය.
පරි­ස­රය සුර­කිනවිට අනා­ගත පර­පු­රට නිරෝගී හා තෘප්ති­මත් පරි­ස­ර­යක් අත්කර දීමට අපට හැකිවේ. වන සම්පත සුරැ­කී­මෙන් පරි­ස­රය, ජෛව විවි­ධ­ත්වය සහ අපගේ ජීවිත යහ­පත් කර ගැනීමට හැකිවේ.

එම්. එන්. එම්. සහීල් 7 ශ්‍රේණිය,
බ්‍රිටිෂ් ජාත්‍ය­න්තර පාසල,
පොල්ග­හ­වෙල


අම්මා

අම්මා අපට ආද­රෙයි.
අම්මා අපට බත් කවයි
අම්මා මගේ ලස්ස­නයි
මං අම්මට ආද­රෙයි….

ශෂ්යා අනු­රාවී, 1 ශ්‍රේණිය බී,
පන්නල ජාතික විද්‍යා­ලය, පන්නල


රෑ අහස හරි ලස්සනයි

ඉර බැස ගිය පසු රාත්‍රිය උදා වෙි
රාත්‍රී අහසේ හද තරු ග්‍රහ ලෝක චන්ද්‍රිකා සහ නිශාචර සතුන් ද අපට දැකිය හැකිය.
රාත්‍රී අහසේ තරු රටාද දැකිය හැකිය.
පෝය දිනට පායන පුර සඳ මුළු අහසම ආලෝකමත් කරයි.
රාත්‍රී අහස ඉතා ප්‍රියකරු වේ.
රෑ අහසට මම හරි ආසයි

පී. ඒ. සනුජ් සුලෝචන
3 බී ශ්‍රේණිය,
මාරපොල ප්‍රාථමික විද්‍යාලය,
දෙවලපොල.


මගේ ආදර මවුපියෝ

කුසට අහ­රක් නොමැ­තිව ඔබ මා පැතුවේ
අප­මණ දුක් විඳ එදා මා මෙලො­වට බිහි කෙරුවේ
ලේ කිරි කර පොවා මගේ බඩ පිර­වූවේ
මගේ ලොවේ රැජන ඔබයි මගෙ අම්මේ

අප­මණ වෙහෙස වී ධනය උප­යලා
‘මගේ දෝණි’ කියා මා උකුලේ තියා
විටෙක තාත්තෙක් විටෙක යාළු­වෙක් වෙලා
මට දී නිද­හස ඔබ මාව හැඩ­කළා

‘මගේ දෝණි’ කියා මා උකුළේ තබා
නැළ­වූවා කවි කිය කිය ඔබ මා
බත් ගුළි කර කර කැවුවා මත­කයි
ඔබයි තාත්තේ මගේ ලොවේ රජා

ඩබ්ලිව්.එච්. තරණි නෙලුෂා ප්‍රේම­සිරි,
6 ‍ශ්‍රේණිය, මහ­සෙන් ජාතික පාසල, නික­වැ­ර­ටිය.


ලිටිල් හෙවන් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසං­ගය

බටුවන්දර ජඹුරලිය ලිට්ල් හෙවත් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා පැවැත්වුණි. එහිදි පෙර පාසලේ සිසු දරු දැරි­යන් ඉදි­රි­පත් කළ රංගන අවස්ථා කිහි­ප­යක් මෙහි දැක්වේ. පෙර­පා­සල් පාලිකා ගීත්මා පසන්ති සම­ර­තුංග හා උප­මා­ලිකා ගුණ­සේ­කර විසින් මෙය සංවි­ධා­නය කළ අතර මෙම අව­ස්ථා­වට ප්‍රවීණ ලේඛිකා තනුජා අය­ගම ඇතුළු
අමු­ත්තෝ රැසක් සහ­භාගි වුහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division