Home » සතුරු කරදර ආවත් ලේසියෙන් පරාජය නොවන ජන්ම අංක 08 හිමියෝ

සතුරු කරදර ආවත් ලේසියෙන් පරාජය නොවන ජන්ම අංක 08 හිමියෝ

ඔබේ උපන් දිනයට අදාළ ජය සංකේත ගැන දැනගන්න

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

බ උපන්නේ ඕනෑම මාසයක 8,17,26, යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 8 යි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ජන්ම අංක 8 හිමි ඔබගේ උපන් දිනයට අදාල ජය සංකේත පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමටයි.

ජන්ම අංක අටෙන් උප්පත්තිය ලැබූ ඔබට ඔබේ ජීවිතයේදී විවිධ බාධා අභියෝගවලට මුහුණ දීමට සිදුවීම නම් සාමාන්‍ය දෙයකි. සතුරු කරදරවලට ද නොසිතූ අවස්ථාවන්වලදී මුහුණ දීමට සිදුවිය හැකිය. නමුත් ඔබ පරාජය කිරීම කිසිවකුට පහසු නැත. ඔබට හදිසි ධන වාසනාව ද පවතින අතර ලොතරැයි ආදිිය ජයග්‍රහණය කිරීමේ වාසනාව පවති. නමුත් ඒ සඳහා සුභ දින සුබ අංක වර්ණ ආදියද ගලපා ගැනීම වඩා යෝග්‍ය⁣ වෙයි. විශේෂයෙන් ටිකට් පතේ අංකවල එකතුව අංක 8 නම් වඩාත් සුදුසුය. ඔබට ජයග්‍රාහී අංක වන්නේ 1, 4, 5, 6, 8, 17, 26, 44, 62 යන අංකයි. කෙසේ හෝ වෙහෙස මහන්සි වී ධනය උපදවා ගැනීමට උත්සහ කරන ඔබ⁣ට ඉඩකඩම්, වෙළඳාම, ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළඳාම, පොළොව සමඟ සම්බන්ධ වෙළඳාම් කටයුතු, කෘෂි රසායන ද්‍රව්‍ය වෙළෙඳාම, ගෘහ භාණ්ඩ වෙළඳාම, පලතුරු වෙළඳාම, සත්ව පාලනය ආදිය වඩාත් පලදේ. එමෙන්ම වෘත්තීන් ලෙස ආරක්ෂක අංශය, බැංකු සහ ගිණුම් ආදි කටයුතු සම්බන්ධ රැකියා,නීතිය සම්බන්ධ රැකියා, ක්‍රීඩා සම්බන්ධ රැකියා, ජනමාධ්‍ය සමඟ සම්බන්ධ රැකියා ආදිය ද වඩාත් ගැළපෙන වෘත්තීන් වෙයි. මෙවැනි රැකියා ව්‍යාපාර තුළින් සාර්ථකත්වය වඩාත් පහසුවෙන් උදාකර ගැනීමට පුළුවනි.

ජන්ම අංක අටෙන් උපන් ඔබ විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධව සැලකිලිමත් වීමේදී පපුව සහ පෙණහලු ආශ්‍රිත රෝගාබාධ, හිස කැක්කුම සහ හිස ආශ්‍රිත රෝග, ඒ වාගේම ග්‍රැස්ට්‍රයිටීස් වැනි උදරය ආශ්‍රිත රෝගාබාධ, හෘදයාබාධ සහ බඩවැල් ආශ්‍රිත රෝග, අධි රුධිර පීඩනය, අක්මා රෝග ආදිය පහසුවෙන් ඇති කළ හැකි බැවින් ඒ ගැන වඩාත් උනන්දුවක් ඇතිකර ගැනීම යහපත් වෙයි. එමෙන්ම ඔබගේ කායික සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනවාරි, පෙබරවාරි, දෙසැම්බර්, ජූලි මාස තරමක් අහිතකරය.

ආදරය, ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන් හොඳ සහයෝගීතාවයක් ගොඩනඟා ගැනීමේදී ජන්ම අංක 4, 8 හෝ ඕනෑම මාසයක 13, 17, 22, 26, 31 යන දිනවල උපන් අය වඩා හොඳ යහපත් විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා ඉතා ගැළපෙන අංක වෙයි.

ඔබට සුබදායක වර්ණ වන්නේ කළු, නිල්, අළු, දුඹුරු, දම්, කහ යන වර්ණයි. එමෙන්ම සතියේ වාසනාවන්ත දවස ⁣ලෙස සෙනසුරාදා දවස භාවිතා කළ හැකිය.

ඔබගේ ජීවිතයේ ඉතා වැදගත් වර්ෂ ලෙස 8, 17, 26, 35, 44, 53, 62, 71 යන වර්ෂ ඉතා වැදගත් සුවිශේෂී සිදුවීම් සිදුවිය හැකි වර්ෂ ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම ඔබ වාහනයක් මිලදී ගන්නේ නම් වාහනයේ අංකය තනි ඉලක්කමක් ලෙස එකතු කළ පසු 1, 4, 8 වේ නම් එය ඉතාමත් යහපත්ය. සෙනසුරු ග්‍රහයාට අදාළ ප්‍රතිකර්ම කර ගැනීම තුළින් අපල තත්ත්වයන් අවම කර ගැනීමේ හැකියාව පවතී.

ඕනෑම මාසයක 9, 18, 27 දිනවල උපන් අයගේ ජය සංකේත ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division