Home » ඔබේ සිතුම් පැතුම් ඉටු වන ධන චන්ද්‍ර කේෂ්වරි ආරක්ෂක මන්ත්‍රය

ඔබේ සිතුම් පැතුම් ඉටු වන ධන චන්ද්‍ර කේෂ්වරි ආරක්ෂක මන්ත්‍රය

මේ මන්ත්‍රයෙන් සඳුන් තෙල් 108 වරක් ජීවම් කර තිලක දීමෙන් යහපත් ප්‍රතිඵල

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

ගුප්ත ශාස්ත්‍රය’ අපේ පැරැන්නන් ඔවුන්ගේ විවිධ කටයුතු සාක්ෂාත් කර ගැනීම සඳහා භාවිත කළ බව හොඳින් පෙනී යන කරුණකි. ඕනෑම කෙනෙකුට සිය ජීවිත කාලයේදී පැන නගින ඕනෑම ගැටලුවක්, ප්‍රශ්නයක් සඳහා ගුප්ත ශාස්ත්‍රය තුළින් විසඳුම් සොයා ගැනීම පැරැන්නන්ගේ පුරුද්ද විය.

ඊට ප්‍රධාන හේතුව වී තිබුණේ අද මෙන් එදා තාක්ෂණය දියුණු නොවු බැවිනි. වර්තමානය වන විට විද්‍යාව සහ තාක්ෂණය ඔස්සේ ඉටු කර ගන්නා බොහෝ කරුණු කාරණා එදා දුර අතීතයේදී මිනිසා විසින් ගුප්ත විද්‍යාව තුළින් ඉටු කරගත් බව පෙනේ. සර්ප විස බැස්ස වීම සඳහා ද අති ප්‍රබල බලසම්පන්න මන්ත්‍ර එලෙස භාවිත කැරිණි. ඒවාගේම උණ, උදරාබාධ, දත් කැක්කුම, කිලිමාලය, ළදරුවන්ගේ රෝග පීඩා ආදි සියල්ලම වාගේ මන්ත්‍ර භාවිත කිරීමෙන් ප්‍රබල සහනයක් ලබාගත හැකි බව වැටහෙන කරුණකි. ප්‍රධාන වශයෙන් සමාජයේ සෑම තරාතිරමක අයෙක්ම, විශේෂයෙන් අතිතයෙත් වර්තමානයෙත් භාවිතා කරන ගුප්තමය ක්‍රමයකි. ‘ආකර්ෂණ බලය සහිත ආරක්ෂක ක්‍රමවේදයන්’ ඒ අනුව අද මම ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි ඉතා ප්‍රබල මෙන්ම ඔබ බලා සිටියදී ගුණදෙන සාර්ථක අරක්ෂා සහ ආරක්ෂිත මෙන්ම ආකර්ෂණ ක්‍රමවේදයකි. මෙය භාවිතයෙන් ඔබට ඔබේ එදිනෙදා ජීවිතයට නොසිතන මාර්ග තුළින් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකිය. ඉතා රහසිගත, එමෙන්ම පුරාණයෙය් රජවරු, මහාමත්‍යවරු, සිටුවරු, ප්‍රභූවරු පවා මෙවැනි ක්‍රමවේද භාවිත කර ඇත මෙය ගුප්ත ශාස්ත්‍රයේදී හඳුන්වනු ලබන්නේ ‘ධන චන්ද්‍ර කේෂ්වරි’ නමිනි. ඕනෑම පීඩාවකට මෙන්ම මානසික සහ සාමාජීය ආර්ථික වශයෙන් ද බොහෝ දුෂ්කරතා විඳින අයට මෙය භාවිතයෙන් අමාවකට පසු අහසේ චන්ද්‍රයා මෝදුවනවා මෙන් නොසිතු නොපැතු ක්‍රම මගින් මුළු ජීවිතයම සෑම දිශා වකින්ම ආලෝකවත් වී බැබෙළෙනු ඇත. ඔබට මෙය අඩුම තරමේ මාසයක්වත් භාවිත කර අත්දැකීම් ලබා ජීවිතය ජය ගන්න උත්සාහ කරන්න.

මන්ත්‍රය

ඕං ඉර හඳ ග්‍රහ මණ්ඩලේ
ජීව ජීව ආකර්ෂණං ප්‍රාණ
ප්‍රාණ මිහි මඩල ප්‍රාණ ග්‍රහ
මඩල ප්‍රාණ සත් සමුද්‍ර මහ
මෙර මේග සැර හෙන සැර
ප්‍රාණ ප්‍රාණ ජීව ජීව අයත
අයලුම් ඉයලුම් දිෂ්ටි
දිෂ්ටි කිඹ කිය ප්‍රානා ජීව

භාවිතයට උපදෙස්

ඉතා පිරිසිදුව සඳුන් තෙල් ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා දින පතා තිලක තියන්න.

හොරොව්පතාන, මොරකෑව 
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර 
ජ්‍යොතිෂ විද්‍යා විශාරද 
කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division