Home » සතියේ කලදවස

සතියේ කලදවස

ජනවාරි 13 සිට 19 දක්වා

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

මේෂ – බොහෝ කටයුතු සාර්ථකයි

සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. ගෘහ ජීවිතය සම්බන්ධයෙන් බොහෝ කටයුතු සාර්ථක වන සතියකි. ආගිය තැන කරන කියන වැඩ කටයුතුවලින් ජයග්‍රහණ හිමිවේ. දරුවන්ගේ අධ්‍යාපනය යහපත් අතට හැරෙන සහජ දක්ෂතා මතු කරන බවක් පෙන්වයි. පවුලේ සියලු දෙනා එකතුව පුණ්‍ය කටයුතු සිදු කරයි. ආර්ථිකය ශක්තිමත් වේ. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත අසන්න. කියන්න.

සුබ අංක – 6, 8 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – අඟහරුවාදා, බදාදා

වෘෂභ – පදිංචි ස්ථානයේ දියුණුව

සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් මතිනි. ඔබගේ වචනයට අන්‍යයන්ගේ කැමැත්ත ළැදියාව ගෙන දෙන පදිංචි ස්ථානයේ දියුණුවට යම් වැඩ කොටසක් ඉටු කරගත හැකි සතියකි.

දරුවන්ගේ ප්‍රමාද වු විවාහ අඩාළ වු අධ්‍යාපනය නැවත සුබදායක අතට හැරේ. සහෝදර හා මවුපිය උපකාර හිමිකර දෙයි. ධෛර්මත් වෙයි.

අපල අවම වීමට කරඳ පැළයක් සිටුවන්න. දැනටමත් සිටුවා ඇත්නම් සත්කාර කරන්න.

සුබ අංක – 5, 6 / සුබ වර්ණ – ලා කොළ, සුදු, / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – මිල මුදල් ලාභ ප්‍රයෝජන

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3, 4 හරහාය. පොදු සමාජශීලී කටයුතු දරුවන්ගේ දියුණුවට අදාළ වන දේ මෙන්ම පුණ්‍ය කර්මද සිදු කරයි. වැඩ කටයුතු බහුල සහෝදර පිරිස් හා එක්වන දක්ෂතා කළඑළි වන සතියක් ද වේ. මිල මුදල් ලාභ ප්‍රයෝජන ලැබේ. රැකී රක්ෂා වෙනුවෙන් ඇවිදිලි වැඩිවේ. උනන්දුවෙන් කැපවීමෙන් දියුණුව පිණිස ආයෝජනයක් කර ගත හැකි බවක් පෙන්වයි. අපල අවම වීමට කොහොඹ වෘක්ෂයට සත්කාර කරන්න.

සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, සිකුරාදා

කටක – නව මිතුරුකම් ගොඩනැඟේ

සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ආරම්භය දුර ගමනක් යෙදිය හැකිය. එසේ නොවේ නම් පාඩුවක් හෝ සිදුවිය හැකි අතර ඉතිරි දින කීපයහ අයහපත් නොවේ. කරන කියන රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන ලබයි. නව මිතුරුකම් ගොඩනැඟේ කථාව තුළින් ජය ලබයි. කුටුම්බ සංරක්ෂණය මැනවින් ඉටු කරන අතර අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වර්ධනය කර දෙයි. අපල අවම වීමට පත්තිනි මෑණියන්ට පින් දෙන්න.

සුබ අංක – 2, 7 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – ලැබීම් සහිතයි

සඳු ගමන් ගන්නේ 11, 12, 01, 02 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. මිල මුදල් හා වෙනත් ලාභ ප්‍රයෝජන ඇත. කරන කියන රැකී රක්ෂා වෙනුවෙන් මහත් වෙහෙසක් දරන්නට සිදුවේ. අවසානයේ සතුට සැනසීම දැනෙනු ඇත. මානසිකත්ව සමබර ලෙස තබා ගැනීමට සමත් වෙන අතර තැනට සුදුසු නුවණකින් කටයුතු කර ජයග්‍රහණ අත්පත් කර ගැනීමට සමතෙක් වේ.

සුබ අංක – 1, 4, 5 / සුබ වර්ණ – කොළ, රතු / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

කන්‍යා – වගකීම් ඉටු කරයි

සඳු ගමන් ගන්නේ 10, 11, 12 ලග්නය යන භාවයන් මතිනි. රැකියාව දේව කාරිය මෙන් වගකීමෙන් යුතුව ඉටු කරයි. ලාභ ප්‍රයෝජන අත්වෙන අතර නිශ්ඵල වියදම් ද යෙදිය හැකි බැවින් කල්පනාකාරී වන්න. තම කාලය ශ්‍රමය පල ප්‍රයෝජනවත් අයුරින් වැය කළ යුතු සතියක් බැවින් එයටද උනන්දු වී තමාට ආදර්ශයක් ගත හැකි මිතුරු පිරිස් වැඩි කර ගන්න. අපල අවම වීමට කුඩා දරුවනට ආරක්ෂාව රැකවරණය දෙන්න.

සුබ අංක – 2, 3 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, බදාදා

තුලා – පුණ්‍ය කටයුතුවල නිරත වේ

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව උදාවෙන සතිය ඔබගේ යහපත් අරමුණු පල දරයි. රැකියා වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලද හැකි අතර විවිධ ක්ෂේත්‍රයන්හි නියැළී මුදල් උපයයි. දුර ගමන් බිමන් යෙදිය හැකිය. අන්‍යයන්ගෙන් ගෞරව ලබන වැඩකම නිරත වෙයි. වාසනාව සහ සුබපල සහිත සතියක් බැවින් උත්සාහ වන්තව කටයුතු කරන්න.

අපල අවම වීමට මවුපියනට වැඩිහිටියනට සලකන්න.

සුබ අංක – 2, 4, 7 / සුබ වර්ණ – සුදු, තැඹිලි / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා

වෘශ්චික – විදෙස් ගමන් සාර්ථකයි

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් මතිනි. ආරම්භයේ කනගාටුදායක පුවත් කන වැකෙන්නට ඉඩ ඇති අතර ඉන් පසු දින කීපය යහපත්ය. අතපසුව තිබු වැඩ කොටස් ගමන් බිමන් සාර්ථක වේ. රැකියා වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දෙලොව දියුණුව පිණිස ම කටයුතුවල නියැළෙයි. විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් ඒවාටද අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ විය හැකි සතියකි. අපල අවම වීමට ඉවසීම තුළින් පිටිවහලක් ලැබෙයි.

සුබ අංක – 1, 2, 7 / සුබ වර්ණ – කහ, රතු / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

ධනු – අනාගත දියුණුව

සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් මතිනි. යුග දිවිය මෙන්ම හවුල් ව්‍යාපාර ආදියද ගැටලු නොමැතිව කරගෙන යා හැකි අතර ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. ගෘහ ජීවිතයේ අගහිඟතා මග හැරී යයි. ඇවිදිලි වැඩිවේ. අනාගත දියුණුව පිණිස නිශ්චිත වැඩ පිළිවෙළක් ආරම්භ කළ හැකියි. වික්‍රමය බලය දැඩි අධිෂ්ඨාන ශක්තිය ගෙන දෙයි. පුණ්‍ය කටයුතුවලට සහභාගී වීමේ අවස්ථා මතු කරන යහපත් සතියකි. අපල අවම වීමට තැන්පත් මනසකින් කටයුතු කරන්න.

සුබ අංක – 3, 5, 6 / සුබ වර්ණ – තැඹිලි, කොළ / සුබ දවස් – ඉරිදා, බදාදා

මකර – ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. ආරම්භය සිටම යහපත් වැඩක නිරත වීමට උත්සාහ ගැනීමෙන් ඔබගේ අතමිට සරු කර ගැනීමට හැකියාව පවතී. වෙළඳ ව්‍යාපාර තුළින් ලාභ ප්‍රයෝජන අත්කර දෙයි. කලණ මිතුරන් මුණ ගැසේ. පොදු සමාජශීලී වැඩ පුණ්‍ය කටයුතු ආදියට සහභාගිත්වය සලසන අන්‍යයන් අතර ප්‍රමුඛත්වයක් ලැබෙන සතියකි. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – අඟහරුවාදා, බදාදා

කුම්භ – දූ දරුවන්ගේ ජයග්‍රහණ

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනය විවාහය රැකියා ආදී කටයුතුවල සුබවාදී වෙනස්කම් ජයග්‍රහණ අසන්නට ලැබෙයි. ලෞකික සැප සම්පත් ගෘහ ජීවිතය තුළින් ලැබදෙයි. එහෙත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. අන්‍යයන්ගේ අවධානයට ලක්වෙන අසීරු කටයුතුවල පවා නියැළේ. අනාගත ආයෝජන පිණිස යම් ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකිවේ.

සුබ අංක – 3, 7, 9 / සුබ වර්ණ – නිල්, කහ, සුදු / සුබ දවස් – සිකුරාදා, බ්‍රහස්පතින්දා.

මීන – මා පිය දූ දරු සබඳතා වර්ධනය

සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. මා පිය දූ දරු සබඳතාවන් වර්ධනය වන ගෙදරදොර අලංකාරය පිණිස දියුණුව පිණිස නව වැඩ කොටසක් ඉටු කෙරෙන සතියකි. රැකියාව, ගෘහ ජීවිතය, ව්‍යාපාර, කළමනාකාරීව උපක්‍රමශීලීව පවත්වාගෙන යෑමට දක්ෂතා මතු කරයි. දේපල ඉඩකඩම් ගැන සොයා බලා ඒවායේ ප්‍රතිසංස්කරණවලටද යොමුවේ. වාසනාවන්ත වු සතියකි. අපල අවම කර ගැනීමට ධර්මය අසන්න.

සුබ අංක – 1, 3, 4 / සුබ වර්ණ – රතු, කහ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division