Home » ෆෙරෙන්ටිනෝ ටයර් ලොවටම; දේශීය පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ

ෆෙරෙන්ටිනෝ ටයර් ලොවටම; දේශීය පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

ගෝලීය වෙළෙඳපොළ 38 කට අපනයනය කිරීමේ සන්ධිස්ථානය ෆෙරෙන්ටිනෝ ටයර් සාඩම්බරයෙන් නිවේදනය කරයි. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ කෙරුණු සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට දැරිය හැකි අඩු මිලකට ටයර් ලබාදීමේ හැකියාව ෆෙරෙන්ටිනෝ සොයා බලන ලදි.

එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලාංකේය රථ වාහන රියැදුරන්ට අඩු මිලකට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ සුවපහසුව අතින් ඉහළම තත්ත්වයක ජාත්‍යන්තර ටයර් සන්නාමයක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබී ඇත.

හොරණ පිහිටි අති නවීන කර්මාන්තශාලාවේ නිපදවන ෆෙරෙන්ටිනෝ, ශ්‍රී ලංකාවේ ප්‍රථම මගී කාර් රේඩියල් (PCR) ටයර් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරයි.

සිය තුන්වන සංවත්සරය සමරමින්, ෆෙරෙන්ටිනෝ විසින් ශ්‍රී ලංකා වෙළෙඳපොළ සඳහා අඟල් 12 සිට අඟල් 19 දක්වා ප්‍රමාණයේ පුළුල් ටයර් පෙළක් ද එළිදැක්වීය. මෝටර් රථ ආනයනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති පසුබිමක බොහෝ වාහන අඟල් 15ට වැඩි ටයර් ප්‍රමාණයකින් යුතු බැවින් අඩු මිලකට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ටයරයක් ලබා ගැනීමේ ප්‍රතිලාභය ද එමඟින් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙනු ඇත.

You may also like

Leave a Comment