Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2025 ව්‍යාපාරික මෙහෙයුම් අරඹයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2025 ව්‍යාපාරික මෙහෙයුම් අරඹයි

by Mahesh Lakehouse
January 4, 2025 12:31 am 0 comment

2025 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සවය ජනවාරි පළමුවැනි දින SLIC ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම උත්සවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති, ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන කාර්යාලයේ උත්සවයට සමගාමීව දිවයින පුරා සියලුම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලදී ද ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සව පවත්වන ලදි. එසේම ශාඛා ජාලයේ කාර්ය මණ්ඩලය වෙනුවන් ප්‍රධාන කාර්යාලයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උත්සව කටයුතු සජීවීව විකාශනය කිරීමද සිදු කරන ලදි.

ප්‍රියන්ත පෙරේරා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, චන්දන එල්. අලුත්ගම සමූහ ප්‍රධාන විධායක නිලධාරී – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, නුසිත් කුමාරතුංග සභාපති – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, දයාරත්න පෙරේරා ප්‍රධාන නිලධාරී – ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් උත්සව සභාව අමතන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division