Home » රටපුරා ඉන්දියානු චිත්‍රපට උළෙලක්

රටපුරා ඉන්දියානු චිත්‍රපට උළෙලක්

by chanaka
January 3, 2025 4:40 pm 0 comment

ඉන්දියානු චිත්‍රපට උළෙලක් ජනවාරි 06වැනිදා සිට 10වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නගරවල පැවැත්වීමට සංවිධාන කර ඇතැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව ජනවාරි 06 (සඳුදා) සවස 6:30 ට කොළඹ PVR සිනමා ශාලාවේදී බොලිවුඩයේ ඉතා ජනප්‍රිය ‘83’ නැමැති චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් උළෙල ආරම්භ කෙරේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, හම්බන්තොට සහ යාපනය ඉන්දීය කොන්සියුලර් ජෙනරාල් කාර්යාල විසින් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධාන කරනු ලබන මෙම සිනමා උළෙලේදී නාට්‍යමය, ප්‍රේමණීය, ක්‍රියාදාම සහ ඓතිහාසික තේමාවන් රැගත් චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කෙරේ.

මෙම චිත්‍රපට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ බහු විධ උරුමය පිළිබඳ අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දෙමින් ඉන්දීය සිනමාවේ විවිධත්වය සහ විචිත්‍රත්වය සමරයි.

කොළඹ නගරයට අමතරව බදුල්ල, යාපනය, ගාල්ල, කුරුණෑගල, මාතලේ, මාතර සහ නුවර එළිය ප්‍රදේශවල චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඇතුළුවීම නොමිලේ වන අතර ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා [email protected] වෙත ඊ‍-මේල් පණිවිඩයක් යොමු කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division