Home » දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථකයි

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථකයි

by chanaka
January 3, 2025 4:13 pm 0 comment

වැඩ තහනම් කරන ලද දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැය හයක පමණ අඛණ්ඩ උත්සාහයකින් අනතුරුව දකුණු කොරියානු පොලිසිය මෙය අත්හිටුවා ඇත.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ඔහුගේ ආරක්ෂක කණ්ඩායම සහ ඔහුට හිතවාදී ආධාරකරුවන් සමඟ ඇති වූ නොනවතින ගැටුමකින් පසුව ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහය නතර කළ බවයි.

මෙහිදී ඊට සම්බන්ධ වූ නිලධාරීන් 150 දෙනාම අසරණව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අවසානයේ, ‘අත්අඩංගුවට ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව’ නිගමනය කළ බව යූන්ගේ කෙටිකාලීන යුධ නීති ප්‍රකාශය විමර්ශනය කරමින් සිටින දූෂණ විමර්ශන කාර්යාලය (CIO) නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් සමාලෝචනයකින් පසු ඊළඟ පියවර ක්‍රියාත්මක කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

යූන් සුක් යෙයෝල්ව අත්අඩංගුවට ගැනීම සඳහා අද දකුණු කොරියානු බලධාරීන් ඔහුගේ පරිශ්‍රයට පැමිණ තිබුණේ, දෙසැම්බර් 3 වැනි දින යුද නීතිය පැනවීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සෝල් අධිකරණයක් විසින් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළවයි.

අදාළ වරෙන්තුව නිකුත් කර තිබුණේ, රාජද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිහිපයකට මුහුණ දී සිටින යූන් හට පසුගිය සති දෙක තුළ ප්‍රශ්න කිරීම සඳහා පෙනී සිටින ලෙස නිකුත් කළ සිතාසි තුනක් නොසලකා හැරීමෙන් පසුවයි.

වත්මන් වරෙන්තුව අවසන් වීමට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශකයන්ට ජනවාරි 6වැනිදා දක්වා කාලය තිබේ.

ඒ අනුව සති අන්තයේ නැවතත් යූන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගනු ඇති බව සඳහන්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division