Home » ශ්‍රී පාද උඩ මළුව මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් වූ හැටි

ශ්‍රී පාද උඩ මළුව මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් වූ හැටි

by Mahesh Lakehouse
December 28, 2024 12:30 am 0 comment

අසිරිමත් සිරිපා වන්දනාව ඇරඹුණේ ඉකුත් උඳුවප් පෝදා ය. අසීමිත බැතිමත් බවෙන් යුතුව විශාල ජනකායකගේ සහභාගිිත්වයෙන් ඇරඹුණු මෙවර ශ්‍රීපාද වන්දනාවේදී ශ්‍රී පාද උඩ මළුව විචිත්‍රවත් මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් වීම සුවිශේෂී දසුනක් විය.

ඇස්තුමේනියා, කපුරු ඇතුළු මල් වර්ග ගණනාවක මල් පෙති සහ පිච්ච මල් යාර හත්දහසක් මෙවර ශ්‍රි පාද උඩ මළුව සැරසීම සඳහා යොදාගෙන තිබිණි.

උඩ මළුව අලංකාර කිරීම සඳහා භාවිත කළ මල් නුවරඑලිය ප්‍රදේශයෙන් මිල දී ගෙන ඇති අතර, එම මල් ශ්‍රී පාද උඩ මළුව දක්වා රැගෙන ගොස් සැරසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සියකට ආසන්න පිරිසක් උපකාර කර තිබේ. ශ්‍රී පාදස්ථානය මලින් සැරසු 28 වෙනි අවස්ථාව මෙයයි.

ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කිරීමට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ලබා දුන්නේ, නුගේගොඩ කස්ටම් ගෘප් ඔෆ් කොම්පැනි ආයතනයේ හිමිකරුවන් වන නිශාන්ත ද සිල්වා සහ නිලන්ත ද සිල්වා යන සහෝදරයන් විසිනි. ගෞතම ශ්‍රී පාද උඩ මළුව මලින් සැරසීම ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ පූර්ණ ආශීර්වාදයෙන් සිදු කෙරිණි.

ඡායාරූප හා සටහන – හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division