Home » බස් රථ ප්‍රමිතිය අකුරටම සොයයි

බස් රථ ප්‍රමිතිය අකුරටම සොයයි

by Mahesh Lakehouse
December 28, 2024 12:32 am 0 comment

මගී ප්‍රවාහන බස් රථ වෙනුවෙන් ලබා දී ඇති ප්‍රමිතිය නිසි පරිදි යාවත්කාලීන කර ඒ සම්බන්ධ නීතිය දැඩි කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම පසුගිය දිනවල අනතුරට පත්වූ පෞද්ගලික බස් රථ කිහිපයක්ම නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවූ බව අනාවරණය වීමත් සමඟ මේ කාර්යය කඩිනම් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එහිදී විශේෂයෙන්ම බස් රථ රියැදුරන්ට රිය ධාවනයේදී ඉදිරිපස මනාව පෙනෙන ලෙස බස් රථය සැකසී තිබිය යුතු බවත් ඊට අමතරව අධික ශබ්දය පාලනය කිරීම මෙන්ම ආසන පහසුකම් වැඩි දියුණු කිරීම ගැනද අවධානය යොමු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division