Home » ‘Clean Sri Lanka’ කාර්ය සාධක බළකායට සාමාජිකයන් 18ක්

‘Clean Sri Lanka’ කාර්ය සාධක බළකායට සාමාජිකයන් 18ක්

by Mahesh Lakehouse
December 21, 2024 12:32 am 0 comment

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ දැක්ම අනුව මෙරට ජනතාවගේ යහපැවැත්ම සංහිදියාව උදෙසා ක්‍රියාත්මක කිරීමට ආරම්භ කිරීමට යෝජිත “Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 18 දෙනකුගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක වීසින් කටයුතු කර ඇත.

පසුගිය දෙසැම්බර් 2 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කිරීම් සිදු කර තිබේ.

එම බළකායට ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු කුමුදු ලාල් ද සිල්වා යන මහත්වරු අයත්ය.

ඔවුන්ට අමතරව අයි.එස්. ජයරත්න, ගිහාන් ද සිල්වා, සන්ධ්‍යා සල්ගාදු, ආචාර්ය ගාමිණී බටුවිටගේ, ආචාර්ය අනුරුද්ධ ගමගේ, දිල්රුක් වනසිංහ, දීපාල් සූරියාරච්චි, සිසිර අමරබන්දු, ක්‍රිෂාන්ත කුරේ, ජයතු පෙරේරා, රුවන් වීරසූරිය, දයාන් කරුණාරත්න යන මහත්ම මහත්මීන් එහි සෙසු සාමාජික සාමාජිකාවෝ වෙති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division