Home » කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට

by Mahesh Lakehouse
December 14, 2024 12:38 am 0 comment

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් පසුගිය 12 වැනිදා සියලුම කොටස් මිල දර්ශකය ප්‍රථම වරට ඒකක 14,000 ඉක්මවා (14,001.73) ගියේය.

ඒ අනුව එදින සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.35 ක් ලෙස දැක්විණි. කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය මාස කිහිපය තුළදී කැපී පෙනෙන වෙනසකට ලක් වූ අතර දෙසැම්බර් මාසය තුළදී පමණක් දර්ශකය ඒකක 6.4කින් ඉහළ ගියේය. මේ වසර තුළ වර්ධනය 31.74ක් ලෙස දැක්වුණි.

මේ වන විට කොළඹ කොටස් වෙ‍ෙළඳපොළ කලාපයේ කැපී පෙනෙන කොටස් වෙළඳපොළක් බවට පත්වී ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division