Home » ජනවාරි සිට අවුරුදු 12ට අඩු දරුවන් දැන්වීම්වලට බැහැ

ජනවාරි සිට අවුරුදු 12ට අඩු දරුවන් දැන්වීම්වලට බැහැ

by Mahesh Lakehouse
December 7, 2024 12:31 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

වයස අවුරුදු 12ට අඩු දරුවන් වෙළෙඳ ප්‍රචාර සඳහා යොදා ගැනීම ලබන ජනවාරි 1 වැනිදා සිට අත්හිටුවන බවත් ඊට අදාළ ගැසට්ටුව බලාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර අවසන් බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි පාර්ලිමේන්තුවේදී ඉකුත් සිකුරාදා (6දා) පැවැසීය.

පැවැති රජයන් එය ක්‍රියාත්මක කිරීම කල් දමමින් සිටි බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

එය තවත් ප්‍රමාද නොකිරීමට රජය ඉකුත් සතියේ ගත් තීරණයට අනුව ජනවාරි 1 වැනිදා සිට එය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම පිළිබඳ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජේමුණි ඒ බව පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පැවැති පාර්ලිමේන්තු විවාදයේදීය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඉකුත් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්විණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division