Home » අක්‍රිය ණය අඩු වෙලා

අක්‍රිය ණය අඩු වෙලා

 ශ්‍රී ලංකා මහ බැංකුව

by Mahesh Lakehouse
December 7, 2024 12:31 am 0 comment

2024 වසරේ තුන්වන කාර්තුවේදී සමස්ත අක්‍රිය ණය ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩුවීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අදාළ කාලසීමාව තුළ ණය ඉල්ලුම්පත්‍රවල සමස්ත ප්‍රතික්ෂේප කිරීම් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවත්, ණය සැපයුම් සමීක්ෂණයට අනුව, ආයතනික, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශවල දායකත්වය සමඟින් තුන්වන කාර්තුවේදී සමස්ත අක්‍රිය ණය සංඛ්‍යාව අඩුවී ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙයි.

මහ බැංකුව පවසන්නේ විකල්ප ගෙවීම්, අඩු වූ පොලී අනුපාත සහ වැඩිදියුණු වූ ආර්ථික තත්ත්වයන් නිසා තුන්වන කාර්තුවේදී අක්‍රිය ණය පහත වැටීම සිදු වූ බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division