ගුප්ත විද්‍යාවේ එන අතිප්‍රබල විෂයකි ‘වශි’ ය. පුරාණ රාජ රාජාධීන් පවා මේ වශී ක්‍රමවේද තුළින් ජනී ජනයා තමාවෙත ආකර්ශනය කර ගැනීමට සහ විවිධ සර්ව ජන ආකර්ෂණය ලබා ගැනීමට සර්ව ජන ආකර්ෂණ වශී කර්ම භාවිත කළ බව සඳහන්ව ඇත.
එවැනි වශී කර්ම දස දහස් ගණනින් සමාජගත වී ඇත. නමුත් හුදී පොදු ජනයාට තමන්ටම කරගත හැකි, එලෙසම සෑම දෙනාටම ප්‍රයෝජනවත්, ඉතාම කෙටි වශී කර්ම ඇත්තේ අතළොස්සකි. පොදුවේ භේදයකින් තොරව කාටත් ඉතාම පහසුවෙන් සකස්කරගත හැකි යහන් හා වෙනත් ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේද අවශ්‍ය නොවන අතිප්‍රබල සර්වජන ආකර්ෂණ වශී කර්මයක් අද ඔබට ඉදිරිපත් කරන්නෙමි. මෙය මා විසින්ම අත්හදාබලා දීර්ඝකාලිනව ප්‍රතිඵල ලබා ඇති නිසා ඉතාම විශ්වාසයකින් යුතුව ඔබ වෙත මෙය ඉදිරිපත් කරමි. ඒ වාගේම ඉතා පහසුවෙන් ඔබට මෙය සකසා ගත හැකිය.
ඔබ මුලින්ම කළ යුත්තේ රන් තැඹිලි ගෙඩියක් සොයාගෙන ඉන් තෙල් සිඳ බුලත්, මල් පහන්, සුවඳ, සහිත ඉතා පුංචි ‘යහනක්’ සාදා පහත සඳහන් මන්ත්‍රයෙන් එම තෙල් දහස්වරක් ජප කර ජීවම්කර ඉතා සුරක්ෂිතව තබා තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඉන් බිඳුවක් ගෙන ‘තිලක’ දීමයි එසේ තිලක දීමෙන් ඔබට සර්ව ජන ආකර්ෂණය ලැබී ඔබගේ සකල කාර්යයන් සපලවී ජයග්‍රහණය නිසැකවම අත්වනවාමයි. මෙය මා සඳහන් කරන්නේ මගේ අත්දැකීමෙන්මය. ඔබ මොනම තරා තිරමක අයෙක් වුවත් මොනම වෘත්තියක නිරතවන අයකු වුවත් ඔබට ඔබගේ සියලු කාර්යයන් කිසිම බාධාවකින්, අවහිරයකින් තොරව ඉතා සාර්ථකව සිදු කර ගැනීමටත් ‘ලාභ සන්තෝෂ’ ලැබීමටත් මෙය ඉතාම වැදගත්වනු ඇත. සකල ජනයා ඔබට ආකර්ෂණය වනු නියතයි.
මන්ත්‍රය
ඕං සිරි ගුණ දෙවෙල් ප්රමෙශ්වරී
හර හාරම් ශිව යමකුරු දිෂ්ටි වර වර නමඃ
ක්‍රමය
මුලින්ම රන් තැඹිලි තෙලට දහස්වර ජප කර
ජීවම්කර ගැනීමෙන් පසුව දින පතා භාවිතයට පෙර ද 108 වරක් ජපකර ජීවම්කිරීමට හුරු පුරුදුවන්න එසේ කිරීමෙන් ඔබට විපුල ප්‍රතිඵල ලබාගත හැකිය.
හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ