Home » ජන්ම අංක 05 හිමි අයට ලොතරැයි දිනුම් ඇදෙන සුබ අංක 10ක්

ජන්ම අංක 05 හිමි අයට ලොතරැයි දිනුම් ඇදෙන සුබ අංක 10ක්

ඔබේ උපන් දිනට හිමි ජන්ම අංකයට අයත් ජය අංකය ගැන දැනගන්න

by Mahesh Lakehouse
December 7, 2024 12:30 am 0 comment

ඔබ උපන්නේ ඕනෑම මාසයක 5,14,23, යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 5 යි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ජන්ම අංක 5 හිමි ඔබගේ උපන් දිනයට අදාළ ජය සංකේත පිළිබඳව ඔබ දැනුම්වත් කිරීමටයි.

ඔබගේ උපන් දිනයට අදාළ ජය සංකේත භාවිත කිරීම තුළ සාර්ථකත්වයත් ජයග්‍රහණයත් අත්පත් කර ගැනීමට පහසුවෙන්ම හැකියාවක් පවතිනවා.

මේ පිළිබඳව ඔබ උනන්දු වන කෙනෙක් නම් ඔබට මෙය ඉතා වැදගත් වෙන අතර මෙම කාරණා අනුගමනය කිරීම තුළ ඔබේ කටයුතු සාර්ථකත්වයට පත්කර ගන්නට ඔබට පහසුවක් සැලසේවි.

ආදරය සහ විවාහය සම්බන්ධව යහපත් සබඳතාවයක් සඳහා ඔබට වඩාත් සුදුසු වන්නේ ජන්ම අංක 3, 5, 9 හිමි අය හෝ ඕනෑම මාසයක 3, 5, 9, 12, 14, 18, 21, 23, 27, 30 යන දිනවල උපන් අයයි. එසේ නැතිනම් මැයි මස 20 දින සිට ජුනි 20 දක්වාත් අගෝස්තු 20 සිට සැප්තැම්බර් 20 අතර දක්වාත් ඉපදුණු අය ද වඩාත් ගැළපෙයි.

එමෙන්ම ජීවිතේ වැදගත් කටයුතු සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහාද ඉහත දින සහ කාලවකවානු යොදා ගැනීම තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. ඔබේ වාසනාවන්ත දවස් වනුයේ සිකුරාදා සහ බ්‍රහස්පතින්දා දිනයි.

එම දවසක් සමඟ 5, 14, 23 යන දිනයකුත් එකවිට යෙදේ නම් ඔබ ඉතාම වාසනාවන්ත වේ. ඔබට ඉතාමත් සුභ පල දෙන වාසනාවන්ත වර්ණ ලෙස ළා කොළ පාට වර්ණය, සුදු පාට සහ අළු පාට වර්ණයන් යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

මෙම වර්ණවලින් ඔබගේ ලේන්සුව, දොර ජනෙල් රෙදි, ඇඳ ඇතිරිලි, කොට්ට උර, බිත්ති වර්ණ, මේස රෙදි, නිතර අඳින ඇඳුම්, කෘත්‍රිම ආභරණ, ආදිය හැකි තරම් යොදා ගැනීම තුළින් කායික මානසික සෞඛ්‍යය මෙන්ම කටයුතුවල සාර්ථකත්වය විඳගන්න.

ඔබට වයස අවුරුදු 23, 32, 41, 50, 68, 77 යන වර්ෂ සුවිශේෂී වැදගත් සිදුවීම් සිදුවිය හැකි වර්ෂ වන අතර වැදගත් සැලසුම් සඳහා එම වර්ෂ යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය.

3, 5, 9, 12, 14, 18, 21, 23, 24, 30 ඔබගේ ජයග්‍රාහි අංක වෙන අතර ලොතරැයිපත් මිලදී ගැනීම් ආදී සුබ කටයුතු සඳහා ඔබට මේ අංක සහ දින යොදා ගැනීමට පුළුවන.

එමෙන්ම වාහනයක් මිලදී ගන්නේ නම් වාහනයේ අංකය තනි අංකයක් ලෙස එකතු කළ පසු 3,5,9 අංකයක් වේ නම් ඉතා යහපත් වන අතර ගමන් බිමන් සාර්ථකත්වය සහ ආරක්ෂාව සලසා ගත හැකිය.

එමඟින් වාහනයේ ආබාධ ද බොහෝ අඩුවෙන අතර වියදම් ද අඩු කර ගත හැකියි. වාහනයේ වර්ණය ද ඔබට සුභ වර්ණයකින් යොදාගන්න.

ඔබට යහපත් සුබ ලෝහයක් ලෙස රිදී වළල්ලක් හෝ ආභරණයක් නිතර පැලඳීම ද යහපත් වෙයි.

ඕනෑම මාසයක 6, 15, 24 දිනවල උපන් අයගේ ජය සංකේත මීළඟ සතියේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division