දේශීයව අගය එකතු කරමින් මෙරටදී නිපදවන තුන්වැනි මෝටර් සයිකල් මාදිලිය ලෙස බජාජ් පල්සර් N160 මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් බව ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඩ් නිවේදනය කරයි. මෙය ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කළ පළමු sports කාණ්ඩයේ මෝටර් සයිකලයයි.
දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ මෝටර් සයිකල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට පත්වෙමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි මීට පෙර බජාජ් CT100 සහ ඩිස්කවර් 125 මෝටර් සයිකල් හඳුන්වා දී ඇත. රෝද දෙකේම තිරිංග ක්‍රියාකාරිත්වය පාලනය කරමින් ක්‍රියාත්මක වන ද්විත්ව චැනල ABS බ්‍රේක් පද්ධතිය, BI ක්‍රියාකාරී අති නවීනතම LED හෙඩ්ලයිට් මෙහි විශේෂත්ව වේ.
මේ පිළිබඳ, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා පැවසූයේ, “දේශීයව අගය එකතු කළ වැඩසටහන යටතේ මේ වන විට මෙරටදීම අපි මෝටර් සයිකල් 40,000කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කළා. පල්සර් N160 එය නොකඩවා ඉදිරියට ගෙන යාමට සමත් වනු ඇති…”යනුවෙනි.