Home » වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

වසර 105කට පසු ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට

by chanaka
December 5, 2024 12:23 pm 0 comment

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් වන ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියට 105 වසරකට පසුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බෞද්ධ භික්ෂුවක් සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා තේරී පත් ව තිබේ.

ලග්ගල ප්‍රදේශය උපත ලැබු උන්වහන්සේ නමින් පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන්ද්‍රයන්ය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ද මධ්‍යම පළාතෙන් විශිෂ්ට ලෙස සමත් වෙමින් උන්වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා පිවිසෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වෙතය.

එහිදී දර්ශනය සම්බන්ධයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධියකින් සමත් වන වඩිගල සමිතරතන හිමියන්; පසුව සිය දර්ශනපති උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට පැමිණ තිබේ.

බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්තර්ජාතික සබඳතාව ඉතිහාසගත කරමින් 1919 වර්ෂයෙන් පසුව ඔක්ස්ෆර්ඩ් සරසවිය වෙත ලාංකික භික්ෂුවකට ශිෂ්‍යත්වයක් ලැබී ඇත්තේ දෙවැනි වරටය.

එහි පළමු වාසනාවන්ත භික්ෂුව වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල නාහිමියන්ය.

ඉන් පසුව එම අවස්ථාව ලැබීමට පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් භාග්‍යවන්ත වී තිබේ.

පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන් මේ වනවිට සිය දර්ශනපති උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයේ ග්ලෝරිසන් විශාරදයෙකු ලෙස බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ව සිය අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටියි.

 

 

 

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division