1.5K
බන්ධනාගාර නිලධාරීන් 1585 දෙනෙකු එකවර මාරු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් තම අප්‍රසාදය පළ කර ඇත.
එහෙත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පවසන්නේ රජයේ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රමය යටතේ එම මාරුවීම් සිදු කර ඇති බවයි. එමෙන්ම මාරුකිරීම් පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් අදාළ නිලධාරීන්ට ඒ පිළිබඳ අභියාචනා කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා දෙසැම්බර් 8 වැනිදා දක්වා අභියාචනා භාර ගනු ලැබේ.