Home » සැහැල්ලු දුම්රිය මෙරටදීම නිපදවයි

සැහැල්ලු දුම්රිය මෙරටදීම නිපදවයි

by Mahesh Lakehouse
November 30, 2024 12:37 am 0 comment
තාරක වික්‍රමසේකර

මැදිරි 3කින් යුත් සැහැල්ලු දුම්රියක් (Light Rail) මෙරට නිෂ්පාදනයට සැලසුම් සකස් කර ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි (තාක්ෂණ) කීර්ති හේවාවිතාරණ මහතා සිළුමිණට කීය.

මගීන් 240කට පහසුවෙන් ගමන් කළ හැකි මේ දුම්රිය පූර්ණ වායුසමනයකින් හා සැහැල්ලු දුම්රියට අදාළ පූර්ණ පහසුකම්වලින් යුක්තව නිෂ්පාදනයට අමෙරිකන් ඩොලර් මිලියන 3ක් (රුපියල් කෝටි 90ක් පමණ) වැය වන බවත් වායුසමීකරණය නොමැතිව සාමාන්‍ය මගීන්ට ගමන් කිරීමට සැහැල්ලු දුම්රියක් නිෂ්පාදනයට අමෙරිකන් ඩොලර් මිලියන 2.5ක් පමණ වැය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙරට මඟී ප්‍රවාහනයේදී සුළු මඟීන් පිරිසක් ප්‍රවාහනයේදී දුම්රියක් යොදවා විශාල පිරිවැයක් දරනවාට වඩා සැහැල්ලු දුම්රිය යෙදවීම වඩාත් ඵලදායි බවද ඔහු පැවසුවේය.

මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජකයෙක් සොයා ගැනීම වෙනුවෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය. මෙරට නිෂ්පාදිත රේල් බස් ව්‍යාපෘතිය හරහා සේවාවක් වන නමුත් මඟීන් ප්‍රවාහනයේදී මඟියාගේ ආරක්ෂාව වෙනුවෙන් වඩාත් උපරිමව කටයුතු කිරීමට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් හැකියාව ලැබෙන බවද ඔහු කීවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division