Home » අස්වැසුම ඉල්ලන්න තවත් සහන කාලයක්

අස්වැසුම ඉල්ලන්න තවත් සහන කාලයක්

by Mahesh Lakehouse
November 30, 2024 12:39 am 0 comment

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම් කිරීමට ලබා දුන් සහන කාලය යළි දීර්ඝ කර ඇත.

ඒ අනුව දෙසැම්බර් 9 වැනිදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීමට අයැදුම් කළ හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයැදුම් කිරීමට දෙසැම්බර් 2 දක්වා මීට පෙර අවස්ථාව ලබා දී තිබිණි.

You may also like

Leave a Comment