Home » JETSTAR ASIA කොළඹට පැමිණේ

JETSTAR ASIA කොළඹට පැමිණේ

by sachintha
November 30, 2024 12:38 am 0 comment

සිංගප්පූරුව හා කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ Jetstar Asia (3K) එම ගුවන් මාර්ගයේ එකම අඩු වියදම් ගුවන් සේවාව බවට පත්වීමට පසුගියදා සමත් විය. ඒ අනුව සිංගප්පූරුවේ හැංගි ගුවන් තොටුපළෙන් ගුවන් ගමන් ආරම්භ කළ 3K333 ගුවන් යානය කොළඹ බලා පියාසර කළේය. ඒ සමඟ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සියැසින් දැක බලා ගැනීම සඳහා අඩුම මුදලකට සුව පහසු ගුවන් සේවාවක් ලබා දීමට Jetstar Asia කටයුතු කරනු ඇත.

Jetstar Asia සතු A320 ගුවන් යානා සමූහය සමඟින් සිංගප්පූරුවේ සිට කොළඹ දක්වා සෑම සතියකම ගුවන් ගමන් සේවා 5ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් Jetstar Asia ප්‍රධාන විධායක නිලධාරි John Simeone සඳහන් කළේ, “සුවිශේෂී සංචාරක ගමනාන්තයක් සොයමින් සිටින අපගේ පාරිභෝගිකයින් හට දර්ශනීය වෙරළ තීරයන්ගෙන්, සුන්දර දර්ශනයන්ගෙන්. පොහොසත් සංස්කෘතියකින් මෙන්ම ආගන්තුක සත්කාරයෙන් පිරිපුන් ශ්‍රී ලංකාව සුදුසුම ස්ථානය බවට පත්වනු ඇත…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division