Home » NDB බැංකුව ඉහළ ලාභයක් වාර්තා කරයි

NDB බැංකුව ඉහළ ලාභයක් වාර්තා කරයි

by sachintha
November 30, 2024 12:37 am 0 comment

විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සහ බිහි වන අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙළා ගනිමින්, NDB බැංකුව 2024 සැප්තැම්බර් මස 30 වන දිනෙන් අවසන් වූ මාස නවය පුරාවට ඉතා ප්‍රශස්ත කාර්ය සාධනයක් වාර්තා කළේය. 2024 නොවැම්බර් 13 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරනු ලැබූ මූල්‍ය ප්‍රතිඵල වාර්තා පිළිබඳ අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී කැලුම් එදිරිසිංහ ප්‍රකාශ කළේ, ‘‘ශුද්ධ පොලී ලාභයේ (Net Interest Margins) ධනාත්මක වර්ධනය, ශක්තිමත් පිරිවැය පාලන ක්‍රියාමාර්ග සහ ප්‍රශස්ත කරන ලද ණය පිරිවැය කළමනාකරණය මඟින් අප විසින් සාධනීය ප්‍රගතියක් අත්පත් කර ගෙන තිබෙනවා. නිරන්තරයෙන් වෙනස් වන ආර්ථික පරිසරයක් තුළ වුවද අපගේ කොටස් හිමිකරුවන් වෙත තිරසර ආර්ථික ප්‍රතිලාභ හිමිකර දීම සහ කොටස් හිමිකරුවන්ගේ වටිනාකම් ඉහළ නැංවීම උදෙසා අපගේ උපායමාර්ගයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙනවා…’’ යනුවෙනි.

You may also like

Leave a Comment