Home » සුවමඟ දින 90ක් තුළ ජීවිත 10,000+ක් සවිබල ගන්වයි

සුවමඟ දින 90ක් තුළ ජීවිත 10,000+ක් සවිබල ගන්වයි

by sachintha
November 30, 2024 12:35 am 0 comment

යූනියන් ඇෂුවරන්ස් සිය සමාජ සත්කාරක වැඩසටහන වන සුවමඟ ඔස්සේ සැලසුම් කර ඇත්තේ දියවැඩියාව පිළිබඳ දැනුම්වත්භාවය ඉහළ නැංවීම, වඩාත් සුවැති ජීවන රටාවන් ප්‍රචලිත කිරීම, කල්තියා දියවැඩියා තත්ත්වයන් හඳුනා ගැනීමට සහ අවදානම් කළමනාකරණයට සහාය වීම, මෙන්ම ප්‍රජා සහභාගීත්වයන් ඉහළ නැංවීම වැනි කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමුකිරීම සඳහාය. දින 90කට පෙර එය දියත් කළ දිනයේ සිට මෙම වැඩසටහනින් පුද්ගලයින් 10,000කට අධික පිරිසකට යහපත් ආකාරයේ බලපෑමක් සිදු කර ඇත්තේ ජාතික මට්ටමෙන් කැපී පෙනෙන ප්‍රගතියක් ළඟා කර දෙමිනි.

මේ පිළිබඳ, ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මෙසේ පැවසීය.

“යූනියන් ඇෂුවරන්ස් අපේ අරමුණ දියවැඩියාව ජය ගැනීම වගේම පවුල් සහ ජන ප්‍රජාව කෙරෙහි එමඟින් ඇති වන විනාශකාරී බලපෑම වළක්වාලීමයි. ඊට අමතරව සුව සේවා ලබා ගැනීමට බොහෝ විට විශාල බාධකයක් වන අත්‍යවශ්‍ය සෞඛ්‍ය පරීක්ෂණ සඳහා බලපාන මූල්‍ය සීමා මායිම් ඉවත් කර ශ්‍රී ලංකාව පුරා මහජන සෞඛ්‍යය ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරී හා සහයෝගීත්ව ප්‍රවේශයක් ලබා ගැනීමට යූනියන් ඇෂුවරන්ස් කටයුතු කරනවා…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division