Home » ජනපති අනුරට චීනයෙන් ආරාධනයක්

ජනපති අනුරට චීනයෙන් ආරාධනයක්

by yasara
November 26, 2024 3:10 pm 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් මාසයේ තෙවැනි සතිය තුළදී ඉන්දියාවේ නිල චාරිකාවක නිරත වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ නිශ්චිත කාල වකවානු මේ දක්වා තීන්දුවී නැති බවයි.

මේ අතර, චීනයේ නිල සංචාරයක් සඳහා ද ජනාධිපතිවරයාට ආරාධනයක් ලැබී ඇතැයි ජයතිස්ස මහතා පැවසීය.

ඔහු කියා සිටියේ මෙරට චීන තානාපතිවරයා විසින් මෙම ආරාධනය ජනාධිපතිවරයා වෙත භාරදී ඇති බවයි.

‘ඉන්දියානු සංචාරයෙන් අනතුරුව ඒ චීන සංචාරය කරන්නත් අපි කල්පනා කරමින් ඉන්නවා,’ යැයි ඔහු පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division