Home » E8 වීසා ක්‍රමවේදයට එරෙහිව CIDයට පැමිණිල්ලක්

E8 වීසා ක්‍රමවේදයට එරෙහිව CIDයට පැමිණිල්ලක්

by yasara
November 26, 2024 3:05 pm 0 comment

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන බවද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසීය.

“E8 වීසා ක්‍රමවේදය විදේශ සේවා නියුක්ති කාර්යාංශයවත් නොදන්නා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගිවිසුම් වලට ලක් නොවුණු අනීතික ක්‍රියාවලියක්. එතකොට අනීතික ක්‍රියාවලියක් නීත්‍යාණුකූල කරන්න රජයට බැහැ” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

E8 නීත්‍යාණුකූල කලොත් E9 ත් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. අපිට ලැබිලා තියෙන ආරංචි හැටියට කලින් උදවිය තරුණයන් නොමග යවා ඔවුන්ට ඒ රටට ගිය පසු පැනලා යන්න අවස්ථාවක් තියෙනවායි කියලා බොරු මතයක් හදා මේ වීසා ලබා දී තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

You may also like

Leave a Comment