Home » ගංවතුරේ සහන සේවා සපයන නාවික හමුදාව

ගංවතුරේ සහන සේවා සපයන නාවික හමුදාව

by yasara
November 26, 2024 2:59 pm 0 comment

දිවයිනට බලපා ඇති  අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත අනුයුක්ත කෙරුණු නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් අද දිනයේදීත් (26) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ සහ එහි අතු ගංඟාවන් පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවී ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ජිවිතාරක්‍ෂක උපකරණ සමඟ ස්ථානගත කර ඇත.

එම සහන කණ්ඩායම්, අකුරැස්ස ප්‍රදේශයේ අතුරලිය, බලකාවල සහ අරම්පත්වල යන ගම්මානයන්හී ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම උදෑසන සිට  සිදුකරමින් සිටියි.

එමෙන්ම ඊයේ ( 25 ) දින අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් වෙත ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නාවික හමුදාව විසින් ආරක්‍ෂිතව සලසා දීම සිදු කෙරිණි.

තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදා අමතර  සහන කණ්ඩායම් එකසිය තිස්හතරක් (134) නාවික හමුදාව තවදුරටත් සූදානමින් තබා ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division