Home » කාලිමෑණියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන ආකර්ෂණ මන්ත්‍රය

කාලිමෑණියන්ගේ පිහිට නොඅඩුව ලැබෙන ආකර්ෂණ මන්ත්‍රය

- දිවි මඟට ගුප්ත විදාවෙන් අත්වැලක්

by sachintha
November 23, 2024 12:30 am 0 comment

වත් පිළිවෙත් නියමාකාරයෙන් සිදුකර උදේ සවස 21 වාරය බැගින් කියවන්න

ජීවිතයේ එදිනෙදා ගැටලු, ප්‍රශ්න, මඟහැරෙන සියලු ආරක්ෂාව සැලසී යහමින් අතමිට සරුවීමට තවත් අත්දුටු ප්‍රබල මන්ත්‍රයකි මෙය. මේ මන්ත්‍රය ඉතාම සරලව දිනපතා භාවිත කිරීමේදී ඔබ නොසිතන ප්‍රතිඵල ලබාගත හැකිය.

විශේෂයෙන්ම සතුරු කරදරවලින් සහ වෙනත් ශාරීරික වශයෙන් සිදුවීමට ඉඩ ඇති කරදර මඟහරවා ගැනීමට ද ඔබට මේ මන්ත්‍රය ඉතාම ප්‍රයෝජනවත් බව ප්‍රකාශ කළ හැකිය. වර්තමාන සමාජයේ නාගරික වශයෙන් බොහෝ ජනයා කාලිමාතාව ඇදහීමට පුරුදුව ඇත. කාලිමාතාව පිළිබඳව බොහෝ විශ්වාසයන් තබන අය ද ඇත. එම අයට ද කාලිමෑණියන්ගේ ආකර්ෂණ බලය ලබා ගැනීමට මෙම මන්ත්‍රයෙන් හැකිය. ඔබ කළ යුත්තේ නි‍ෙවසේ පිරිසුදු ස්ථානයක කාලිසිංහයා වාහනය කොටගත් මහා භද්‍රකාලි මෑණියන්ගේ රූපයක් ඉදිරියේ රතුමල් කීපයක් තබා බුලත් කොළයක් උඩ මැටි පහනක් තබා ගිතෙල් වත්කර දල්වා සුවඳ දී පහත මන්ත්‍රය උදේ හවස 21 වර බැගින් කියවීමයි. ඔබට කාලිමෑණියන්ගේ ආකර්ෂණය ඉතාම ඉක්මනින්ම ලැබෙනු ඇති අතර ඔබට ඉන් විපුල පල ප්‍රයෝජන ලබාගත හැකිය.

මන්ත්‍රය

ඕං අග්නිදේව රාජා හනුමන්තා වාවා

වීර පත්‍රකාලි වාවා විෂ්ණු වාවා

ඕඩි වාවා තම්බිරාණේ වාවා

පත්තිනි අම්මේ වාවා ශ්‍රියා දේවි වාවා

අයියෝ නාරායනේ වාවා

අංගුලිමාල මුනී දැපෙනවා

අග්නි කුඩුම්බාර ගිනි දේවතාවි

මා අතට අසු වි ශ්‍රි මුනී ශ්‍රියාදි

මෙමා යන කාර්යෙන් මෙමා දිනවා දෙන්ඩ

මහා කාලි අම්මේ මා එක්ක යන්ඩ වරෙන්

ඕං ශ්‍රිං නමඃ ඕං සර්ව ප්‍රධාරණේ‍

අම්මා රාජ භවනේදි ලයවූ

මෙය ඉතා ප්‍රබල මන්ත්‍රයකි. ඔබට සර්ව ලෝකයම අවනත වනු ඇත. පුරුද්දක් සේ භාවිතයට ගන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division