Home » වැවිලි සංස්ථාවේ දූෂණ එළියට

වැවිලි සංස්ථාවේ දූෂණ එළියට

by Mahesh Lakehouse
November 9, 2024 12:36 am 0 comment
සුරේකා නිල්මිණි ඉලංකෝන්

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් ආයතන ක්‍රමවේදය උල්ලංඝනය කරමින් වතු කාර්ය මණ්ඩලය වෙනුවෙන් සිදු කර ඇති බඳවා ගැනීම් කිහිපයක් හේතුවෙන් ඉකුත් මැයි මාසයේ සිට ආයතනයට මාසිකව රුපියල් දෙලක්ෂ පනස් හය දහසක අතිරික්ත මුදලක් දැරීමට සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

ඒ නිරීක්ෂණ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස සංස්ථාවේ සභාපති සනත් බණ්ඩාර වෙත ජාතික විගණන කාර්යාලය පසුගිය ඔක්තෝබර් 09 දා දන්වා ඇත.

මේ පිළිබඳව අප ඔහුගෙන් කරුණු විමසූ අතර තමා තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය එවා ඇති විගණන විමසුම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් සඳහන් කළේය.

එම බඳවා ගැනීම් සිදු කිරීමට පෙර පුරප්පාඩු තනතුරු පිළිබඳ විස්තර අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන නැති අතර, තනතුරු 10ක් සඳහා සම්මුඛ පරීක්ෂණවලින් තෝරා ගත් නිලධාරීන් 30 දෙනකුට ඉකුත් මැයි 05 වැනිදා පත්වීම් ලබා දී ඇත. ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව සහ වතු සේවක සංගමය අතර පවතින සාමුහික ගිවිසුම ප්‍රකාරව වතු කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සඳහා සුදුසුකම් සහ වැටුප් තීරණය කර තිබුණද ඉහත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් බඳවා ගත් 15 දෙනකුට ගිවිසුමට අදාළ වැටුපට වඩා වැඩි වැටුපක් ගෙවීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ වෙනුවෙන් වැවිලි සංස්ථාව විසින් මාසිකව රුපියල් 256,375ක අතිරේක මුදලක් ගෙවා ඇත. ඊට අමතරව ක්ෂේත්‍ර නිලධාරින් ලෙස පත්වීම් ලැබු සිවු දෙනකු එම තනතුරට අදාළ සුදුසුකම් සපුරා නොමැති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ විශ්‍රාමිකයන් බව ද විගණන විමසුමේදී හෙළි වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය වූයේ ජාතික විගණන කාර්යාලය විසින් ඉකුත් ඔක්තෝබර් 9 වැනිදා වතු කාර්ය මණ්ඩල බඳවා ගැනීම-2024 ශිර්ෂය යටතේ කරුණු පැහැදිලි කිරීම තොරතුරු විමසමින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා සභාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division