Home » නිව් නෙත්මි කර්ට්න් නව පරිශ්‍රය බදුල්ල නගරයේ

නිව් නෙත්මි කර්ට්න් නව පරිශ්‍රය බදුල්ල නගරයේ

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

වසර 25ක කාලයක් බදුල්ල හා ඒ අවට ජනතාවට කර්ට්න් රෙදිපිළි අලෙවි කරමින් ජනාදරය දිනූ, නිව් නෙත්මි කර්ට්න්, බදුල්ල නගරයේ වඩාත් ඉඩකඩ හා පහසුකම් ඇති අංක 44, මහියංගණය පාර, පිහිල්ල කඩේ, බදුල්ල යන ලිපිනය සහිත නව පරිශ්‍රයේ දී විවෘත විය.

නිවාස, ව්‍යාපාර හා කාර්යාල අලංකාර, නව මාදිලියේ කර්ට්න් උසස්ම රෙදිපිළි යොදා සකස් කරන ව්‍යාපාරයක් ලෙස නිව් නෙත්මි කර්ට්න් බදුල්ල නගරයේ සහ ඌව පළාත තුළ ද ප්‍රචලිත ය. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා අනුවද එම සේවා ලබා දීමට මෙම ව්‍යාපාරයේ අධිපති මංජුල රත්නායක කටයුතු කර තිබේ.

නිව් නෙත්මි කර්ට්න් නව ප්‍රදර්ශනාගාරය විවෘත වූයේ, ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න අතිනි.

You may also like

Leave a Comment