Home » ‘Atlas සිප්සවි’ ශිෂ්‍යත්වය තවත් පස්වසරක් දීර්ඝ කරයි

‘Atlas සිප්සවි’ ශිෂ්‍යත්වය තවත් පස්වසරක් දීර්ඝ කරයි

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

Atlas, මෙරට අඩු පහසුකම්ලාභී දරුවන් වෙනුවෙන් වන සිය Atlas සිප්සවි ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය තවත් වසර 5ක් සඳහා දිගුකරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමකට එළැඹීම පසුගියදා සිදු කෙරිණි.

Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර, පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ, මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර කාන්තා, ළමා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් මෙම අවස්ථාවට එක්ව සිටියේය. ශ්‍රී ලංකාව තුළ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපනය අතරමඟ නවතින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඛණ්‍ඩව කරගෙන යාමට උදව් කිරීම මෙම Atlas සිප්සවි ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division