Home » අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට වෙන් කරයි

අගමැතිට වෙන්කර තිබූ ගිලන්රථ සහ වෛද්‍ය ඒකකය යළි මහජන සේවයට වෙන් කරයි

by yasara
November 6, 2024 10:54 am 0 comment

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීින් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ  සහ ගිලන් රථ දෙක යළි සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීම අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05)   පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරීණ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල  මහතා වෙත ඊට අදාල ලිපි ලේඛන සහ යතුරු භාර දීම මෙහිදී සිදු විය.

අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව  වෛද්‍ය ඒකකය සතු  මානව සහ භෞතික සම්පත් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීමෙන් අනතුරුව  මහජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් භාවිත කිරීමට නියමිතය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division