1.6K
මගේ පළමුවැනි ටෙලි නිර්මාණය විදිහට ආයාචනා ප්රේක්ෂකයො ඉතාම ආදරෙන් වැලඳ ගත්තා. ඒක ඉවර වෙනවත් එක්කම නැවතත් රචනය පැත්තට හැරෙන්න හිතුණා. ලබන පොත් ප්‍රදර්ශනයට කලින් පොත් පහක කලෙක්ෂන් එකක් කරන්නයි මගේ ප්ලෑන් එක. ඒකෙ පළමුවැනි මුද්‍රණය විදිහට ‘පාළුවේ මං‘ කවි පොත දැන් මුද්‍රණය වෙලා ඉවරයි. මගේ කවි පොත ඉතාම නුදුරේදීම එළි දක්වන්න සියල්ල සූදානම්. ඒක මගේ පළමුවැනි මුද්‍රිත ග්‍රන්ථය වීමත් විශේෂයි. ඊට අමතරව කඩුව ගත්ත අම්මේ, අන්දරේගේ මායියා කවි පොත් දෙක වගේම ආදරණීය හැන්දෑව සහ CANADIAN කෙල්ල කෙටි කතා සංග්‍රහයත් මේ වසරේ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.