Home » බදුල්ල අනතුරින් සිසුවියෝ 2ක් මරුට

බදුල්ල අනතුරින් සිසුවියෝ 2ක් මරුට

6ක් දැඩි සත්කාර ඒකකයේ

by Mahesh Lakehouse
November 2, 2024 12:39 am 0 comment
බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන, සොරණාතොට සමූහ - සී. ගමගේ, මීගහකිවුල සමූහ - එන්. නවරත්න සහ දෙමෝදර සමූහ

බදුල්ල – මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය 5 කණුව ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා සිදු වූ බස් අනතුරින් සිසුවියන් දෙදෙනකු මියගිය අතර 39 දෙනෙකු තුවාල ලැබූහ. එයින් 6 දෙනකුගේ තත්ත්වය බරපතළ බවද ඔවුන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද සිකුරාදා සවස් වන විට වාර්තා වී තිබුණි.

තුවාල ලැබූවන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද අතර මෙම අනතුරට පත්ව ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුන් පිරිසකි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, නිවිතිගල තොලඹුගමුව පහළකන්ද පදිංචි එම්. ජී. අයි. උපයංගනී සහ කුරුණෑගල උණකොලගෙදර කරඩිවත්ත පදිංචි එම්. එම්. පි. ටී. හෙට්ටිමුල්ල නමැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකි. තුවාලකරුවන් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ, වාට්ටු අංක 9, 10, 15 වාට්ටුවල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් බසයේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් පල්ලම් සහිත මාර්ගයේ වේගයෙන් පැමිණි බස් රථය කණ්ඩියේ ගැටෙන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය සදහන් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division