Home » අධික වේගවෙන් පැමිණි මෝටර් රථය ප්‍රපාතයට පෙරලෙයි

අධික වේගවෙන් පැමිණි මෝටර් රථය ප්‍රපාතයට පෙරලෙයි

by yasara
October 29, 2024 11:01 am 0 comment

කොළඹ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් අනතුරක් සිදු වි ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙම අනතුර සිදු වි ඇත්තේ (29) දින අලුයම 2 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වා අලුයම් කාලයේ ඝන මිදුම් තත්ත්වයක් පැවති බවත්, මොටර් රථයේ රියදුරුට මාර්ගය නිසිලෙස දිස් නොවිමෙන් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.

මොටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ මොටර් රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් කිසිවෙකුට තුවාලයක් සිදු වි නොමැති වුවත් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

අනතුර පිළිබඳව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පරික්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment