Home » බිත්තර මිලේ වෙනසක්

බිත්තර මිලේ වෙනසක්

by yasara
October 28, 2024 3:45 pm 0 comment

දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ.

සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36 ක අගයක සටහන් වූ බවය.

එමෙන්ම අද දිනයේ සුදු බිත්තරයක මිල සටහන්ව ඇත්තේ රුපියල් 35 ක් ලෙසය.

බිත්තරයක් රුපියල් 41ට අඩු සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් එකඟත්වය පළ කර තිබුණි.

ඒ, බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division