Home » “බේකරි ජානා” අත්අඩංගුවට

“බේකරි ජානා” අත්අඩංගුවට

by yasara
October 28, 2024 3:43 pm 0 comment

ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 වන පුද්ගලයෙකි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සදහා කාර් රථයකින් ගමන් කරමින් සිටියදී දෙහිවල පාර, බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division