Home » යාල් දේවි ගමන තවමත් වැඩ උඩ

යාල් දේවි ගමන තවමත් වැඩ උඩ

by Mahesh Lakehouse
October 26, 2024 12:32 am 0 comment

මාස 10ක් තිස්සේ නවතා දමා ඇති උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය කිරීම එළැඹෙන 28 වැනිදා සඳුදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවද එදින දුම්රිය ධාවනය ආරම්භ කිරීම තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතී.

අවම වශයෙන් ප්‍රධාන හරස් මාර්ගයන්ට හෝ ආරක්ෂිත සංඥා ස්ථාපිත කර දෙන ලෙස දුම්රිය රියැදුරු, ස්ථානාධිපති, නියාමකවරු ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසින් පෙන්වා දී තිබුණි.

එහෙත් පසුගිය සිකුරාදා වන විටත් ගල්ගමුව තඹුත්තේගම, තලාව හා අනුරාධපුර ආසන්නයේ ප්‍රධාන හරස් මහාමාර්ග 5ක් වෙනුවෙන් ආරක්ෂිත සංඥා පද්ධතීන් සවි කර නොතිබුණි. එවන් තත්ත්වයක් යටතේ අවම ආරක්ෂා සංඥාවන් හෝ නොමැතිව දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් පවතින අතර මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය ස්ථානවල තවමත් මගී පහසුකම් නිසි ලෙසින්ද ස්ථාපිත කර නැත.

එවන් තත්ත්වයත් අනුව උතුරු මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය එළැඹෙන 28 වැනිදා සඳුදා සිට ධාවනය කිරීම සිදු කිරීම අවිනිශ්චිත බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සිකුරාදා සිළුමිණට පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division