ගුණාත්මක සහ ප්‍රමිතියෙන් යුතු ජනමාධ්‍යවේදීන් බිහි කිරීමේ අරමුණින් වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ ආයතනයක් පිහිටුවීම සඳහා වන කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු) කැළුම් විජේනායක සිළුමිණට පැවැසීය.
මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නන් නියාමනය කිරීම එවැනි ආයතනයක් පිහිටුවීමේ අරමුණයි.
එමෙන්ම මෙරට විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා කිසිදු ආයතනයක් නොමැති බැවින් ඒ වෙනුවෙන් බලය ලත් අධිකාරියක් හෝ කොමිෂන් සභාවක් වැනි ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් සකස් කළ කෙටුම්පත ද මේ වන විට සාකච්ඡා මට්ටමේ තිබෙන බව අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය. නව රජයේ ප්‍රතිපත්ති සලකා බලමින් අදාළ සියලු විද්වත් පාර්ශ්වයන්ගේ අදහස් ද ලබාගනිමින් එවැනි ආයතනයක් පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.