Home » රන්ජන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්

රන්ජන්ගේ අපේක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්

by Mahesh Lakehouse
October 26, 2024 12:37 am 0 comment

මෙවර මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ප්‍රජා අයිතිය අහිමි කළ රන්ජන් රාමනායක මහතාගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන මහින්ද සේනානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.

එම පෙත්සමෙන් දක්වා ඇත්තේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ රන්ජන් රාමනායක මහතාට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අයිතියක් නොමැති බව පවසමින් තීන්දුවක් ලබාදෙන ලෙසයි. මෙම පෙත්සමෙන් පැමිණිලිකාර පාර්ශ්වය විසින් වගඋත්තරකරුවන් ලෙස රන්ජන් රාමනායක, ජාතික මැතිවරණ කොමිසම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී නම්කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division