අංක විද්‍යා ෙජ්යාතිෂයට අනුව ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හඳුනාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වන අතර පහුගිය කලාප වලින් ජන්ම අංක 1 සිට 8 දක්වා අයට අදාළ පලාපල විස්තර සඳහන් කරන ලදී. මෙහිදී ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබගේ උපන් දිනය පමණක් සැලකිල්ලට ගනු ලබයි.
ඕනෑම මාසයක 9,18,27, යන දිනවල උපන් අයගේ සෞඛ්‍ය තත්ත්වය සහ වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව මේ ලිපියෙන් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි.
මේ තුළින් ඔබට ඔබට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව කල් තියා දැන හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර එමඟින් එම අවදානම් තත්ත්වයන්ට කලින්ම සූදානම් වීමටත් එම රෝගාබාධයන්ගෙන් වැලකී සිටීමටත් නිරෝගී ප්‍රීතිමත් සතුටුදායක ජීවිතයක් උරුම කර ගැනීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.
ඔබ ජන්ම අංක නවයෙන් උපත ලබා ඇති අයෙක් නම් ඔබ කුජ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. උෂ්ණාධික රෝගාබාධ පහසුවෙන් ඔබට වැලඳීමේ හැකියාවක් පවතී. ආයුර්වේදයට අනුව ‘පිත කිපීමෙන්’ වැලඳෙන රෝගාබාධයන්ට ද පහසුවෙන් ලක්වෙයි.
උණ රෝග, සරම්ප, පැපොල, ගැස්ට්‍රයිටිස්, උදරගත රෝග, බඩවැල්වල හටගන්නා රෝග, කුෂ්ට රෝග සහ චර්ම රෝග, ප්‍රධාන වශයෙන් වැලඳීමේ අවදානමක් පවතින තත්ත්වයන් ඇති කරයි. එමෙන්ම මස් මාංශ අධික ලෙස ගැනීම සහ මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වීම නිසා අනෙකුත් අයට සාපේක්ෂව ඔබව පහසුවෙන් ලෙඩ වීමට ඇති හැකියාව වැඩිය. අධික ලෙස ආහාර ගැනීමද දුර්වලතාවයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙමඟින්ද විවිධ සෞඛ්‍ය ගැටලුවලට ලක්වෙයි. ශරීර අභ්‍යන්තරය ඇති කරන විවිධ ආබාධ තත්ත්වයන් ඉන්ද්‍රිය දුර්වලතාවයන් ඇති කිරීමේ හැකියාවද පවතී. විශේෂයෙන් වකුගඩු ආබාධ සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වෙයි.
වයස අවුරුදු 40 ඉක්මවූ අයෙක් නම් වසර දෙකකට වරක් හෝ පරීක්ෂාවක් කර ගැනීම වැදගත් වෙයි. එමෙන්ම ඔබ වඩාත් බෝවන රෝග වලින්ද ප්‍රවේසම් විය යුතුය. රුධිරය හා සම්බන්ධ රෝග වලින් ද ඔබට වැඩි අවදානමක් පවතී.
මෙවැනි දේවල් සම්බන්ධයෙන් ඔබ උනන්දු වනවා නම් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඔබට තබා ගැනීමට හැකියාව ඇත. බොහෝවිට ඔබ ප්‍රාර්ථනා කරන සර්ව සුබවාදී ලෝකයක් වෙනුවට යථාර්ථවාදී ජීවිතයකට හුරු වීමට සෑම විටම උත්සහා ගත යුතුය. ඇඟ නිවෙන ආහාරවලට හුරුවීම වැදගත් වෙයි.
එමෙන්ම උෂ්ණ ආහාර වලින් හැකි තරම් ඉවත් වන්න.
ලූනු, සුදුලූනු, ඉඟුරු ගම්මිරිස්, ලීක්ස් වැනි ආහාරද ඔබට ඉතා ගුණදායක වෙයි. එමෙන්ම සෑම වර්ෂයකම අප්‍රේල්, මැයි, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස සෞඛ්‍ය සම්බන්ධයෙන් වඩාත් වෙනස්කම් ඇති කළ හැකි මාස බවට පත්වෙයි.
එමෙන්ම ඔබට අවුරුදු 9, 18, 27, 36, 45, 63 යන වයස් සීමාවන්වලදී සෞඛ්‍ය සම්බන්ධ වෙනස්කම් ඇති කළ හැකි තත්ත්වයන් යෙදෙයි.
සංසාරගත කර්මයක් වශයෙන් මුහුණ දීමට සිදුවන මෙම රෝගාබාධ තත්ත්වයන් කල් තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගැනීමෙන් සහනදායි ජීවිතයක් උරුම කර ගැනීමට වාසනාව ඇති කරයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
ඒ.ජේ. දීපාලෝක