Home » ගාලුමුවදොර පිටියේ තිරසරත්වය ඉහළ නැංවීමට Varun Beverages සහ SLPMCS පෙරමුණේ

ගාලුමුවදොර පිටියේ තිරසරත්වය ඉහළ නැංවීමට Varun Beverages සහ SLPMCS පෙරමුණේ

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

Varun Beverages Lanka (Pvt) Ltd යනු, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ හා බෙදා හැරීමේ නිත්‍ය සැපයුම් සමාගමකි. ඔවුන් විසින් පසුගියදා ගාලුමුවදොර පිටියේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණයට විසඳුම් සෙවීමේ නව වැඩසටහනක් සාර්ථකව ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන

සේවා ආයතනය (SLPMCS) සමඟ එක්ව, Varun Beverages Lanka PVT Ltd විසින් PET බෝතල් එකතු කිරීම සඳහා වූ කසළ බඳුන් (Drop- Off Bins) සවිකරන ලදි.

මෙම වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම සඳහා SLPMCS හි ප්‍රධාන විධායක නිලධාරි සුරාජ් කස්තුරිසිංහ සහ Varun Beverages Lanka PVT Ltd හි නීති අනුකූලතා සහ තිරසරත්වය පිළිබඳ ප්‍රධානී/ සමාගම් ලේකම් ඉරේෂා කුඹුරුලන්ද අත්සන් තබනු ලැබීය. ගාලුමුවදොර නැරඹීමට පැමිණෙන පිරිස් තම PET ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය වගකීමෙන් යුතුව බැහැර කිරීමට දිරිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division